පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- කොණ්ඩය කණ දෙපසින් ඇස්මට්ටමට කපා තිබිය යුතුය
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- පාසලෙන් අනුමත කර ඇති මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- කොණ්ඩය කණ දෙපසින් ඇස්මට්ටමට කපා තිබිය යුතුය
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- ශිෂ්‍ය නායකයන් තමාගේ ලාංජනය කමිසයේ සාක්කුවට ඉහලින් පැළදීම සිදු කළ යුතු වේ.
- ශිෂ්‍ය නායකයන් ශිෂ්‍ය නායක ටයි පටිය අනිවාර්යෙන්ම පැළදීම සිදු කළ යුතුය.
- ශිෂ්‍ය නායකයන්ගේ කමිසයේ අත අත් දිග විය යුතු අතර අතේ මැණික් කටුව අසලට අත දික් විය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පෝල්ට් අගල් 14ක් විය යුතුය
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (1-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- ශිෂ්‍ය නායකාවන් ශිෂ්‍ය නායක ටයි පටිය අනිවාර්යෙන්ම පැළදීම සිදු කළ යුතුය.
- ශිෂ්‍ය නායකාවන් තමාගේ ලාංජනය ගවුමේ කොලරයේ පැළදීම සිදු කළ යුතුය.
- ශිෂ්‍ය නායකාවන්ගේ ගවුමේ අත අත් දිග විය යුතු අතර අතේ මැණික් කටුව අසලට අත දික් විය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- ගවුමේ විවරය අගල් 5/12කට වඩා දික් නොවිය යුතුය.
- ගවුමේ අත වැලමිටේ සිට අගල් 3ක් ඉහලට තිබිය යුතුය.
- ගවුමේ ඉණ කඩඉණ දක්වා විය යුතුය.
- පාසලෙන් අනුමත කර ඇති මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොණ්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොණ්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 1 1/2 පළල් විය යුතුය.








