හෙළඹර පුන් සඳ සේ
බැබළේවා අප විදුහල් මාතා
යස රැස දසත සදා........
යහගුණ මිණිකැට හද විමනේ
සදවා සිප් කිරි රසය පොවා
දිවිමග නැණ එළියෙන් හෙළිකර වන
ඔබය අපේ මාතා........
අපි වෙමු විරු දරු කැළ ඔබගේ
සැනසෙමු වැඳ ඔබ පා සෙවනේ
රට දැය සමයේ දියුණුව උදෙසා
පෙරටම පය නගමු........
පෙම්බර විදුහල් මවුනි අපේ
හද පිරි බැති මල් කර පූජා
ගෝණිගොඩ මහා විදුහල් නාමේ
සුරකිමු දිවි සේ සදා........
Lyrics - Mr.G.D Nihal Athukorala Melody - Mr. W.A.S Silva






