පාසලේ ඉතිහාසය

Children's Day Celebration

kids.jpeg
20231026_103815.jpeg

 

 පිටිසර ගම්මානයක පිහිටා සොබාවික සම්පත්වලින් පෝෂණය ලබන ගෝණිගොඩ මහා විද්‍යාලය

 

1889.01.01 දින ආරම්භ වී මේ දක්වා පැවත එන අපේ පාසල කු/ගොණිගොඩ මහා විද්‍යාලයයි. 2023 වන විට අපේ පාසලට අවුරුදු එකසිය තිස් හතරක් සපිරේ. යටත් විජිත සමයේ රජයේ පාසලක් ලෙසම ආරම්භ වූ අප පාසලේ පළමුවන විදුහල්පති වන ඩොනල්ඩ් චාල්ස් සෙබස්තියන් මැතිතුමා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එමෙන්ම එතුමා ස්වභාෂා(ඉංග්‍රීසි හා සිංහල) ලභියෙක්ද විය. අප පාසල ආරම්භ වී ඇත්තේ ස්වභාෂා මිශ්‍ර පාසලක් ලෙසටය. මෙම පාසල ආරම්භයේදී ශිෂ්‍යයන් දහ දෙනෙක් විය. ශිෂ්‍යයාවන් කිසිවෙක් සිටියේ නැත.

 

   1.මද්දුම බණ්ඩාර ගෝණිගොඩ

   2.ලොකුබණ්ඩා ගෝණිගොඩ

   3.සිංහල පේඩිගේ වරාවත්ත

   4.ලංසකාර රත්නායක  මුදියන්සේ

   5.පොල්ගොල්ලේ අනුහස්  මුදියන්සේ

 

මොවුන් දහ දෙනාට ඉගැන්වීම සදහා එක් ගුරුවරයෙක් පමණක් විය. එමෙන්ම එක් පොල් අතු වසා ඇති පන්ති කාමරයක්ද විය. ලස්සන වෙල් ලියද්දවල් වලින් වටවී තිබු අපේ අතීත පාසල ඉතා සුන්දර ඒ වගේම සොභාවයෙන් ලැබෙන හිරු එළියෙන්ද,මද සුළගින්ද පෝෂණය ලැබුවේය. මෙය 1958 මහා විද්‍යාලයක් බවට පත් වී ඇත එමෙන්ම උසස් පෙළ විෂය ධාරා ලෙස කලා,වාණිජ,සෞන්දර්ය හා ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන්ද ආරම්භ වී ඇත. මෙසේ සිසුන් දහදෙනෙක්ද,එක ගුරුවරයෙක්ද,එක පන්ති කාමරයකින්ද ආරම්භ වූ එම කුඩා අපේ පාසල අද වන විට සොභාවික සම්පත්වලින් පෝෂණය ලබමින්ද වෙනත් සම්පත්වලින්ද පෝෂණය ලබන්නෙකි.

 

 

 

ආරම්භ කළ වර්ෂය

1889 .01. 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

1

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

-

පාසලේ ආදි කතෘගේ නම

ඩොනල්ඩ් චාල්ස් සෙබස්තියන් මැතිතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

1

පාසලේ නම

ව/ඉ/රිදී/ගෝනිගොඩ මහා විද්‍යාලය 

පාසල භාරව කටයුතු කිරීම

විදුහල්පති වරයා 

පාසල රජයට පවරාගත් දිනය

1889.01.01

පාසල පැවැත්වූ ස්ථානය

ගෝණිගොඩ ග්‍රාමයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

මද්දුම බණ්ඩාර ගෝණිගොඩ

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ශිෂ්‍යයාවන් කිසිවෙකු සිට නැත

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

-